Tuesday, August 2, 2016

සන්දනම් 

කෙටි දිනකදි 
ඔබ මුණ ගැසි 
ඔබෙ භූමිය මට හුරු විය 
ඔබ හා  බැදි 
ඔබෙ සුව විදි 
ඔබේ දෙනෙතින් මා සිහි විය 

දමිළ අකුරු 
අපට ම හුරු 
ලෙසින් ගෙතිනි දී ගරුසරු
අප සොහොයුරු 
හා සුමිතුරු 
මියැදි  ගියෙද නොයෙනා තුරු 

ඒ මාවතෙ 
ඔබ හාමතෙ 
කෙලෙස ගෙවුනෙ ගිනි රාත්‍රියෙ 
වෙඩි හඩ මැද 
ඔබ ඇදුනිද 
ලේ පැල්ලම් හා මිය ගියෙ 

මා  දුටු කල 
ඔබ අභියස 
ඔබේ ගිනිදැල් නිවුනෙ කෙලස 
මට රහසකි 
වැටහෙන්නැති 
නො නැවතීම සිහිගන්වති 

මතු දිනෙකදි 
එක පැතුමකි 
එක සේ එන යළිදු නො යෙන 
උතුරේ ඔබ 
දකුණේ මම 
හමුවූ දින සිහි ගන්වන 

වෙඩි උණ්ඩය 
දුන් ශබ්දය 
තව ඇසේද ගෙවෙන දවසෙ 
ඒ මතකය 
මට සිහිවිය 
අද කවියට නැගෙන සවසෙ 

යළි එන්නම් 
පවසන්නම් 
කෝවිල් බිමෙ සන්දනම් 
මල් ගන්නම් 
තෙල් ගන්නම් 
පූජාවක සිහිනගම් 

හිනැහෙන්නම් 
සැනසෙන්නම් 
ඔබ යනෙනා දෙස බලන් 
යළි එන්නම් 
ලග ඉන්නම් 
මතු හමුවන දින කියන්