Monday, May 26, 2014

නගිනව නම් මෙන්න අත්තික්ක ගහක්

 
නොදන්න ජෙරිකෝවට, ගලීලෙට, ජෙරුසලමෙට
කුමට යන්නද හැංගෙන්නට
වැලේ වැල් නැති වැල්වලට
පා තබන්නේ කිම් ද මිතුර...
 
එකපතේ බත් කා
හෙට ගේන කඩුව දැක
ඇයි දුවන්නෙ හති හෙළා
නොදන්නෙ ද එය මොට බව....
 
වැනෙන අතට වැනි වැනී
දෙපයින් සිට නො ගෙනැ
කොඳු නාරටි දිරන කාලයේ
ඇයි මේ අවි අමෝරාන....
 
දන්න සිරි ලංකාවේ
පේදුරු තුඩුවෙන් පටන්ගෙනැ
අත්තික්කා රුක් වගාවක්
පටන්ගත් වග නොදන්නෙද ඔබ...
 
ඔබ සිතන ඔබට මැ ඔබින
පහසුවෙන් නැග ගත හැකි
සුකොමල රුක් වගාවක
උඩු සෙවණ ලබන්නට...
 
දෙවතාවක් නොසිතන්නැ...

Monday, May 19, 2014

වෙන අප්පගෙ රටක සිට




උන් මැරුනු දින සිට
හෙලූ කඳුළු පොද
තව තවත් ඉකි ගසයි
පුද බිමත්-දඩ බිම උනු
වෙන අප්පගෙ  රටක සිට

පහනක් දල්වන්නමුත්-මළ උන් වෙනුවෙන්
තෙල්ද-වැටිද අතට ගෙනැ
පිළිකන්නෙ ඇන තියාන උන් කලැ
දකුණේ වෙසක් සඳත්
කරයි ද කවටකම්
එම අප්පගෙ රටේ සිට

මළ උන් දූවිලි වී ඇති අද
තව ආත්මෙකට පණ දෙන්න
යදින්නවත් අවසර නැති
අප්පගෙ රටකි මෙ ය...

මම නොදන්න -මට නොතේරෙන
මුල්ලිවයිකාල ආකාස යට සිට
කව්රුන් අමතන්නද
වෙන අප්පගෙ රටක සිට..

වන්නියෙ දූවරු අදත් හඬයි
නැතිවූ අප්පව  සොයා
ගිනි අව්වෙ සිට-පින්තූර ගෙනැ
නැගූ හඬට කල අවනම්බුව
සිතන්නේද උන්  තවම
වෙන අප්පගෙ රටක සිට....

මෙසේ දිග ඇරෙන පස්වන සුභාරංචිය

 
රජ උපතක අසිරිය දැක
කරුම අධිරාජ්‍යවාදීන්ගෙන් මිදී
විමුක්තියකට උරුම කම් කීමට
කෙළ හලමින් සිටි
ජුදා සමාජය සේ
පළක් නැති නිකමුන් සේ
තෙරක් නොපෙනෙන
මායිම් බලා සිටීම
අනුවණකමකි....
 
අව්ව කට්ටේ වේළුණු
සියොළඟ කහන
පිදුරු ගොඩක
උපදින්නට කැමති
එකෙක්වත් නැත...
 
හෙට ඉරක් නොපෑව්වත්
එය සිකුරු යැ....
 
පෙරටුගාමී
අද එන සටනක - අරගලයක
සිටියවුන්
හිරිපොද වැස්ස දැක
පිච්චෙන පොළව උඩින්
හතිලා දුවන්නේ
වංසෙ කබල් ගාන
කොළොම්තොට
රජ මන්දිර හෙවණට.....
 
එකට කා එකට බී
පාවාදෙන අසුභාරංචිය
හත්කොනේ රැව් දේ.....
 
අළු දූවිලි වූ
සැබෑ හෘදය සාක්ෂියකට
විප්‍රවාසයේ පිහිට පමණයි...
හැදුණු වැඩුණු දේශය ද අකැපයි..
 
රිදී වෙනුවට ඩොලර් අත රැගෙන
ගතානුගතිකව එන
අලුත් ජුදාස්ලාට
එදා මෙසියස්ට රස වූ දේ
අද විස වී ඇත....
 
බටහිර චීස් රස බලන
මරිය මග්දලේනලා
ගිරි පුප්පයි සටන් පාඨ ගෙනැ
පූජකවරය පතා
පිරිමින්ගේ ගතිගුණට, සමවෙන්න....
 
රත්වෙන දර ලිපේ පිහිටෙන්
වංසෙ කබල් ගා
අංශභාග වූ
රෝම අධිරාජ්‍යවාදයේ
ආසියාවේ ලොකුම විහිළුව
අද හිඟන්නාගේ තුවාලයක් යැ...
 
මුල් සභාවේ
ගති ලක්ෂණ හතරට
හෙණ ගසන්න
ශුද්ධෝව් පැය කරන ඇත්තන්
කල්වාරි යාගෙක  - යාගය පසෙක ලා
අල්තාරෙ දැවෙන පහන් එළි අතරින්
වේදිකා නළුවන් සේ රඟයි
කාන්තිමත් සළුපිළි ඇඳගෙන...
 
ජෙරිකෝවේ ගලීලයේ
යාචකයන් අතරින් පා නැඟූ
පව්කාර ස්ත්‍රීන්ගේ එකම බලාපොරොත්තුව
ක්‍රිස්තුස් නම් ඔහු
දාවිත් රජුව පරයා ආ
මිනිසියාවේ හෙවණැල්ල
ජයන්ති උත්සව
ඔල්වරසන් මැද රඟන
බලය හා නිලයෙන්
සව්දිය පුරන
පාලකයින්ගේ
රාජ්‍යය විහිළුවක් වී ඇත.....
 
කල්වාරියක් නැත
කුරුසයක් පෙනෙන්නම නැත
යකඩ ඇණ කොටින් මැ නැත
කරුණ එසේ වුව ද
තරබාරු පරිසිවරුන්ගෙන්
අලුත්ම නීතිවලින් සැදුණු
සුදු හුණුවලින් තැවරූ
සොහොන් කොත්වලින් අඩුවක් නැත....
 
ජේසු ස්වාමි දරුවනේ
දිව්‍ය ගැළවුම්කාරයාණනේ
මාගේ වාරය අහවර ද යන්න
සිතීමට අසීරු යැ... අපහසු යැ
හෙණ පිට හෙණ ගැසුවත්
ඔබේ වාරය ගැන කතා දෙකක් නැත
පස්වන සුභාරංචිය දිග හැරී
නිම වන්නට පෙර
මිනිස් අරගල දහඩිය
පරයා නැගී ඇති
පරඬැල් සම්ප්‍රදායේ දූවිල්ලට
වැසී ඇති
‘‘කුරුසිය
ඔබ සේ උපන් වටපිටාවක
මිනිස්කමින් පිරි අල්තාරයක
දිස්වෙන්නට ඉඩහරින්න...