Monday, July 14, 2014

සොඳුරු මිනිසෙකු විය ඔහු

( මේ ජූලි මස 07 වන දිනට ඒ සොඳුරු මිනිසා සමුගෙන වසර 27 කි.)



එච්. ආර් ජෝතිපාල ගැන කුමක් ලියන්නදැයි අමුතුවෙන් හිත හිත සිටීමට අවකාශයක් අනවශ්‍යය .මට කුඩා අවදියේ සිට ඔහුගේ  හඬ හුරුපුරුදු දෙයකි. වැඩි යමක් කියනවට වඩා  මා  ඔහු තුළ දුටු ගුණාංගයක් ගැන හුවා දැක්වීමට සතුටු වෙමි. ඔහු ගොඩනගා  ගත් සරල ජීවිත ක්‍රමවේදය අද ලෝකේ ජීවත්වෙන මිනිසුන්ට අභියෝගයක්  නොවේද? අප විසින් මුසාවාදිව ගොඩනගා ගත් ජිවිත ගෙවන ලෝකයක ජෝතිපාලගේ සරලත්වයේ ජිවන සිද්ධාන්තය වටිනේය, අගනේය.

මතුපිටින් ඔහු තුළ තිබුණු මිනිස් දුර්වල කම් අභියස ගැන කතිකාවේදී , විටෙක මෙලෙස  ඔහු ගැන ලිවිම ම  පැනයක් කරගන්නා උදවියට යමක් තේරුම් කරනු නියාවෙන් මෙලෙස ලිපිය පණගන්වමි.

ඔහු සරල වන්නේ ඔහු දුර්වල මිනිසියාවකට හිමිකම් කියූ නිසාවෙනි. දුර්වල කම සියල්ලන් තුළ තිබෙන එමෙන්ම තිබිය යුතු ගුණයකි. දෙවියන් දුර්වල මිනිසුන්ට ප්‍රේම කළ වග බයිබලය පවා නිදසුන් දෙනු ලබයි. දුර්වල කම් තුළ ජිවත් වීමම එක අතකට සතුටට කරුණකි . එහෙයින් දුර්වලයා තුළ අමුතු දේවත්වයක් රජකම් කරයි . නමුත් මිනිසා දුෂ්ට වන කල සංකීර්ණත්වය ගොඩ නැගෙයි. තමන් විසින්ම ගොඩනගා ගත් පුහු, අර්ථශුන්‍ය ජිවන ක්‍රමවේද අනුගමනය කරනු ලබයි. ලෝකයා අභියස බොරුව රජකරවයි . නිදසුනක් ලෙස බලන කල්හී ; අපේ රටේ බොහෝ විද්වතුන්, කලාකරුවන්, දේශපාලන නායකයින් , සිනමා  වේදීන්  ආදී බොහෝ දෙනා රුපවාහිනිය ඔස්සේ හෝ නැතිනම් ඕනෑම මාධ්‍යක් හරහා රසිකයින්ට  නැතිනම් ජනතාවට තම තමන් ගැන ඉදිරිපත් කරන මුසා බස්   වහර ගැන හිතන කල්හී, ජෝතිපාල සිනාමුසු මුහුණින්  එකසේ දක්වපු ජිවන දර්ශනය ඉතා වටිනා දසුන් පෙළකි . ඔහුගේ පරිච්චේදය ඔහු ලියන ලද්දේ මිනිස්  වර්ගයාට ගෝචර වන ලෙසිනි. කිසිදා ඔහු දුෂ්ටයකු නොවුණු අතර මගෙතොට හමුවන ඕනෑම  කෙනෙකු සමග කතාබහ කිරීමට තරම් නිහතමානි වූ තැනැත්තෙක් විය.

දුර්වල මිනිසා නිසි සරල ගතිගුණ තුළ සිය ජිවත් වන අතර, දුෂ්ට මිනිසා අනිසි සංකීර්ණ ගතිගුණවල ජිවත් වෙයි.

ජෝතිපාලයන්ගේ මුළු ජීවිතය පුරාවට   දිස් වුණු මනා -අගනා රශ්මි වළල්ල එලෙස විය. එහෙයින් මට, ඔහු කදිම මිනිසෙකි. සොදුරු මිනිසෙකි. දුෂ්ටයකු  වී අනුන්ව රවටා සංකීර්ණ වනවාට වඩා , දුර්වලයකු වී සරලව ජිවත් වීම නුවණට හුරු කරුණකි. දුර්වල කම තුළ වැරදි කිරීමට බිය විය යුතු නැත. මන්දයත් දෙවියන් දුර්වලයා  හා  සිටින බැවිනි.

Tuesday, July 8, 2014

ඔවූහු කියති මේ බුදුන්ගේ රාජ්‍යයි කියා


 
කවදා-කොතැනක
වැඩියෙද බුදුන්

රාජ්‍යයක් උරුම කරගෙන


ඇස ගැටෙන ගැටෙන තැන

නිවනට වල කපන

සුදු බුද්ධ ප්‍රතිමා

වැඩම කර ඇත යාල්පානටත්

පොරවමින් චීවරය ශිව දෙවියන්ටත්

නූතන අංගුලිමාලට
පණපෙවූ  රෙජීමය

අණසක පැතුරුවේද

මුස්ලිම් ඇඟිලි  කප්පාදුවට


ජීවිත අළුදූවිලි කළ

පාපතර බණ  දෙසූ ප්‍රබුද්ධ පුතුන්

පන්සිල් - දසයට කඩා

දසසිල්  - විස්සට කැඩූ

මස් වැදි හෝරාව

පසක් කරනුයේ

තල්රුප්පාවල සේ , පොල්රුප්පාවල ද

වෙඩිවරුසා මැද

කරටි කඩන්නද
?

සැහැසි බස් දොඩන

අමුතු සිද්ධාර්ථලා - හීනදකින රාජ්‍ය

සමවෙයිද  තමිල්නාඩුවේ
 
පයට පෑගෙන

යකඩ ඇනයටවත්


මුව      පුරා   බුද්ධං     සරණං

රට     පුරා    සංඝං      සරණං

හෙනහුරා මුස්ලිම්ට වදිනකන්

බෙලිකපයි    කර       රජකන් .