Monday, May 26, 2014

නගිනව නම් මෙන්න අත්තික්ක ගහක්

 
නොදන්න ජෙරිකෝවට, ගලීලෙට, ජෙරුසලමෙට
කුමට යන්නද හැංගෙන්නට
වැලේ වැල් නැති වැල්වලට
පා තබන්නේ කිම් ද මිතුර...
 
එකපතේ බත් කා
හෙට ගේන කඩුව දැක
ඇයි දුවන්නෙ හති හෙළා
නොදන්නෙ ද එය මොට බව....
 
වැනෙන අතට වැනි වැනී
දෙපයින් සිට නො ගෙනැ
කොඳු නාරටි දිරන කාලයේ
ඇයි මේ අවි අමෝරාන....
 
දන්න සිරි ලංකාවේ
පේදුරු තුඩුවෙන් පටන්ගෙනැ
අත්තික්කා රුක් වගාවක්
පටන්ගත් වග නොදන්නෙද ඔබ...
 
ඔබ සිතන ඔබට මැ ඔබින
පහසුවෙන් නැග ගත හැකි
සුකොමල රුක් වගාවක
උඩු සෙවණ ලබන්නට...
 
දෙවතාවක් නොසිතන්නැ...

No comments:

Post a Comment