Monday, May 19, 2014

වෙන අප්පගෙ රටක සිට




උන් මැරුනු දින සිට
හෙලූ කඳුළු පොද
තව තවත් ඉකි ගසයි
පුද බිමත්-දඩ බිම උනු
වෙන අප්පගෙ  රටක සිට

පහනක් දල්වන්නමුත්-මළ උන් වෙනුවෙන්
තෙල්ද-වැටිද අතට ගෙනැ
පිළිකන්නෙ ඇන තියාන උන් කලැ
දකුණේ වෙසක් සඳත්
කරයි ද කවටකම්
එම අප්පගෙ රටේ සිට

මළ උන් දූවිලි වී ඇති අද
තව ආත්මෙකට පණ දෙන්න
යදින්නවත් අවසර නැති
අප්පගෙ රටකි මෙ ය...

මම නොදන්න -මට නොතේරෙන
මුල්ලිවයිකාල ආකාස යට සිට
කව්රුන් අමතන්නද
වෙන අප්පගෙ රටක සිට..

වන්නියෙ දූවරු අදත් හඬයි
නැතිවූ අප්පව  සොයා
ගිනි අව්වෙ සිට-පින්තූර ගෙනැ
නැගූ හඬට කල අවනම්බුව
සිතන්නේද උන්  තවම
වෙන අප්පගෙ රටක සිට....

No comments:

Post a Comment