Monday, July 18, 2016


මගේ යාගය


එක් රාගයක් පමණි  ගැයෙන්නේ -මේ දැන් 
එක් රාවයක් පමණි ඇසෙන්නේ  - මේ දැන් 
එක් හීනයක් පමණි දකින්නේ     - මේ දැන් 
ඒ ඔබ ගැන මැ  පමණි 

දුක් ගායනා මුමුනන්නේ නම් මා 
තවත් මගේ කාන්තාරයේ 
ඔබට ඇසෙන මායිමක සිට 
ඔබ ආ යුතු නො වේද මා වෙත 

ඔබ එන්නෙ නම් මා  වෙත 
මේ සංසාර දූවිලි පහවනු ඇත-දිනෙක 
ඔබ සමග මගේ යාගයකි - පිදෙන 
ඔබ හා ගෙතූ ගීයකි - ගැයෙන
ඔබ හා යන ගමනකි -අල්තාරය වෙත 
ඔබ අභියස කුරිසියකි -ඇණ  ගැසෙන 

පහන් එළි නැති -මල් පිපී නැති 
මාවතකි ඇත්තේ -මා දකින 
මගෙ  කෙස්රෝදත් කියයි කුමරිය  
මගේ සිරුරේ දුවිලිවල තරම

එක් රාගයක් පමණි  ගැයෙන්නේ -මේ දැන් 
එක් රාවයක් පමණි ඇසෙන්නේ  - මේ දැන් 
එක් හීනයක් පමණි දකින්නේ     - මේ දැන් 
ඒ ඔබ ගැන මැ  පමණි 

No comments:

Post a Comment