Friday, July 22, 2016

 නැවතුනු ප්‍රේම කතා කොයිබද ................? 




ප්‍රේම කතා නවතා 
බලමු අවට ඇස්  ඇර කිව්වද 
නැවතුනු ප්‍රේම කතාවක් නො මැත -ප්‍රිය මිතුර 
නැවතුනේ කොතනද, නවතා කලදේ කිම්ද 
දකිනූ රිසි වෙමි -එහෙයින් අදටත් 

දිළිදුන්ගේ කුසගින්න - දැවෙනා සතියක ම 
ඇස අග කදුලු බොදවී යනෙන  දින     කිම 
මා දුටු අළු දූවිලි  කලේ නම්           අරුම
කොයි දිසාවක නැවතුනේද අමුතු      ප්‍රේම 

නො තේරෙන බසකි 
නැතිබැරිකම් ගැන දොඩන 
අවට ඇස්  බලනට -යන්නේද සති ගණනක් 
පද ලියවෙන කල ගේය සේ සත්සර හා 
හඬකට හසුවී අපද අසනෙමු - එම ගී මුමුණා
එනමුත්, නැවතුනු ප්‍රේමය කිම....? 
පීඩිතයා දෙස බැලූ, දෙනෙත් කිම 

පීඩිතයා වෙර දරයි 
ජයගන්නට දිනෙක සිය නැතිබැරිකම් 
එය දුටුකල ගැයුවෙනම් දෙදෙනෙක් 
'ඔරුවක් වී - ඒ ජීවන මග හා යාවන්නට'
පැදගිය ඔරුවක්ද නැත 
ගැයූ දෙදෙනාද නැත 
නැවතුනු ප්‍රේමයක්ද නැත.........

දිළින්දාත්, පීඩිතයාත් එක සේ බැට කයි 
පිඩකයාගේ ප්‍රේම කතා 
ගේය පද හා සත්සර මුසුවුණු 
කෝමල ගී අභියස - තොල් සෙලවෙන  කල 
අර්ථ ශුන්‍ය සිහින දේශයක 
වර්තමානයත් සුව  නින්දක 
අනාගතය ගී පද වී, සත්සර  සොයන  කල

නැවතුනු ප්‍රේමයක්    නැත 
පැදගිය ඔරුවක් ද   නැත.

No comments:

Post a Comment