- ඔහු පුද්ගලාරම්මණය පසෙක ලා සැබෑ කි්රස්තියානිය අත්හදා බලමින් ඉන්න සහෝදරයෙක් - මංජුල වෙඩිවර්ධන
Sunday, June 1, 2014
රෝස මලක් වෙනුවෙන්
මතකද තවම
අප නෙත් ළංවූ දින
මම ඔබේ වූ - ඔබ මගේ වූ දින
දෙව් විමන් කවුළු තුළින්
මා එන මඟ බැලූ ඔබ
හෙට යන්නේද ඒ මැදුරට
දමා මා තනිකර - මගේ දෑත හැර
තුරුලට නාවත්
වෙන පෙම්වතියන් සේ
උණුසුම් සුසුම් මැද
නිදන් විය මහද තුළ
රෝස මලකි ඔබ - තවමත් සුවඳ දෙන
රෝස පෙති අරන් එනු මා මියැදෙන දින
ළංව සිටි කාලේ
වෙන් නොවෙන්නට ළංවී
දුරස් වන්නේද අද
ළං නොවෙන්නට වෙන්වී
එසේනම් ඔබ වෙනුවෙන්
දෛවය ලියූ ගීතය
මම ඉඩහරිමි
රිසිසේ ඔබට ගයන්නට
තනිවී දෙවියන් තුළ
මගේම දිළිඳු කුටියක..
රෝස මලකි ඔබ - තවමත් සුවඳ දෙන
රෝස පෙති අරන් එනු මා මියැදෙන දින
Labels:
විප්රවාසගත කවි
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment